ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28දා) පෙරවරුවේ මීගමුව දිස්ත්‍රික් රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
රෝහල් පරිශ්‍රයේ රැඳී සිටිමින් රෝහලේ කටයුතු සොයා බැලූ ජනාධිපතිවරයා ඩෙංගු විශේෂ ප්‍රතිකාර ඒකකය භාර විශේෂඥ වෛද්‍යවරයා සමගද විශේෂ සාකච්ඡාවක නිරත විය.
මීගමුව සහ අවට ප්‍රදේශවල ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් දැනට රෝහලේ ඩෙංගු වාට්ටු සංකීර්ණයේ තදබදයක් තිබෙන අතර, වාට්ටු සංකීර්ණයේ අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
එමෙන්ම රෝහලේ අනෙකුත් සංවර්ධන කටයුතු පිළිබඳවද සොයා බැලූ ජනාධිපතිවරයා, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත උපදෙස් දුන් අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරිබාහිරව පළාත් පාලන ආයතන මගින් සිදුකළ යුතු කාර්යයන් කඩිනමින් ඉටුකරදීම සඳහා තම ඍජු මැදිහත්වීම ලබාදෙන බවද ප්‍රකාශ කළේය.
මේ අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීහු ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයෝ පිරිසක්ද එක්ව සිටියහ.