ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ආරාධනාවක් අනුව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වතිකානුව බලා පිටත්වූ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
අද (13දා) පෙරවරුවේදී ජනපතිවරයා රෝමය බලා පිටත්වූ බවත් හෙට (14දා) ජනපතිවරයා වතිකානුවේදී පාප්වහන්සේ හමුවීමට නියමිත බවත් ජනපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පවසයි.