ජනපතිගේ හා අගමැතිගේ නම් විනාශ කරන්නේ ආණ්ඩුවේම මැතිඇමතිවරු බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පැවැසීය.
සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක්කරමින් ඔහු පවසන්නේ තමා මේ බව පවසන්නේ ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට බවයි.
ඇතැම් ඇමතිවරු මංතීරු කඩන බවත්, ඩිෆෙන්ඩර්වලින් පුද්ගලයන් පැහැරගෙන යන බවත්, ඇතැම් ඇමතිවරු විල්පත්තුව විනාශ කරන බවත් ඔහු කියයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව තමාට ෆයිල් ලැබුණොත් අනිවාර්යයෙන්ම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට යන බවද ඔහු පැවැසීය.