ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා බංග්ලාදේශ සංචාරයට එක්ව සිටින දූත මණ්ඩලය 73ක් බව බංග්ලාදේශ මාධ්‍ය තොරතුරු වාර්තා කරයි. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඩකා නුවරට මේ වන විට ළඟා වී ඇති අතර දූත මණ්ඩයට අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, රජයේ නිලධාරීන් මෙන්ම ව්‍යාපාරිකයන්ද එක්ව ඇතැයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගුවන්තොටුපොළේදී බංග්ලාදේශ ජනපතිවරයා විසින් පිළිගෙන ඇති අතර එහිදි හමුදා උත්තමාචාරයක්ද පවත්වා ඇත.