කැළි කසළ බැහැර කිරීමේ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය සේවාවක් බව සඳහන් කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන බව සඳහන් කරමින් ඊයේ (27දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කෙරිණි.
මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටීම සිදුවූයේ පරිසර අධිකාරියේ වරදින් වන හෙයින් කැළි කසළ බැහැර කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට නියම කරන්නැයි ඉල්ලීමක්ද කරමින් පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.
පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කරන ලද මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, ආපදා කළමනාකරණ ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ නීතිපතිවරයා නම් කර තිබේ.
ජනාධිපතිවරයා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා නීතිපතිවරයා නම් කළ බව පෙත්සම්කාර පාරිසරික යුක්ති කේන්ද්‍රය සිය පෙත්සමේ සඳහන් කර තිබේ.
මධ්‍යම පරිසර අධිකාරිය අනුමත කළ ස්ථානවලට පමණක් මීට පෙර කැළි කසළ බැහැර කළ බවත්, එලෙස තිබියදී කැළි කසළ බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවක් බව සඳහන් කරමින් ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් සිය පෙත්සමේ සඳහන් කරන පාරිසරික යුක්ති කේන්ද්‍රය මේ තත්ත්වය යටතේ ඕනෑම ස්ථානයකට කැළි කසළ බැහැර කිරීමට හැකියාව ලැබෙන බවත් පෙන්වාදී ඇත.
ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව ඕනෑම ස්ථානයකට කැළි කසළ බැහැර කිරීමට හැකියාව ලැබෙන හෙයින් මිනිස් ජීවිතවලට දැඩි බලපෑමක් සිදුවන බව පෙන්වා දෙන පාරිසරික යුක්ති කේන්ද්‍රය මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටීම සිදුවූයේ පරිසර අධිකාරියේ වරදින් වන හෙයින් කැළි කසළ බැහැර කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට නියම කරන්නැයි ඉල්ලීමක්ද කර තිබේ.