ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවති ගොවි සම්මේලනය සඳහා රුපියල් තුන්කෝටි අටලක්ෂයක (රු.30,800,000) මුදලක් වැයවූවා යැයි කරන ප්‍රකාශ සම්පූර්ණ අසත්‍යයක් බවත්, ඒ සඳහා මූලික වියදම් ලෙස රුපියල් කෝටි 02 කට ආසන්න මුදලක් වැයවූ බවත් වාරිමාර්ග හා ජල කළමනාකරන අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ, අද (07දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.
එමෙන්ම එම ගොවි සම්මේලනය සඳහා ගොවි නියෝජිතයන් නවදහස් පන්සිය හතළිස් හත්දෙනෙකු (9547) සහභාගී වූ බවත්, එම ගොවි නියෝජිතයන්ට බුරියානි පැකට් නොදී රු.500 ක ආහාර වේල් 04 ක් ලබාදීම පවක් නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.