යෝජිත වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා ජනතාව මුලාකරන බවත් ජනතාව නොමඟ යැවීමෙන් වළකින්නැයි නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේබව පවසා තිබේ. අධ්‍යාපන ක්ෂේත්රයේ කිසිදු අංශයකට අලුතින් කිසිදු වැට් බදු වැඩිවීමක් සිදුකර නැති බවත්, වැට් බදු වැඩිකර ඇතැයි කියමින් ජනතාව නොමඟ යැවීමෙන් වළකින ලෙසත් ඒ මහතා හිටපු ජනපතිගෙන් ඉල්ලා සිටියි.