ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මන්ත්‍රීවරුන්ට ගෝඨාභය රාජපක්ෂ මහතාව මාසයක් තුළ අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රකාශයක් කල බව පවසමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (07දා) දිනයේ දී මහනුවරදී කළ ප්‍රකාශය තුළ කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් එය ප්‍රභන්ධයක් බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි .
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ අද (08දා) පෙරවරුවේ ඔහුගේ නිවසේදී විශේෂ මධ්‍ය හමුවක් කැඳවමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
'' මම කනගාටුවෙනවා එතුමා ඒ වගේ ප්‍රකාශයක් සිදුකිරීම පිළිබදව. ඒ නිසා මම ඊයේ (07දා) රාත්‍රී දුරකථන ඇමතුමකින් විමසීමක් කළා මේ වගේ දෙයක් කියන්න ලැබුණු තොරතුරු පිළිබදව. එතුමා මට කිවුවේ රාජපක්ෂ පවුලේ තවත් සාමාජිකයෙකුට ලැබුණු තොරතුරකට අනුව ඔහුට කල දැනුම් දීම මත මේ වගේ ප්‍රකාශයක් කළ බව ඔහු පැවැසුවා.
ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ආරක්ෂක ලේකම්වරයෙකු ලෙස විශාල කාර්යයක් පසුගිය යුද්ධයේදී කළ කෙනෙක්. ඒ නිසා ඔහුව හිරෙ දාලා හෝ ඔහුට දඩුවම් ලබා දීමෙන් සතුටක් ලබන්න තරම් පහත් මට්ටමක මම වැටිලා නෑ.
මේ පදනම් විරහිත චෝදනා එන්න පටන් ගත්තේ ජනාධිපතිතුමා මා වැඩ භාරගත් දවසේ අගය කරමින් කළ ප්‍රකාශයත් සමග එනිසා බොහෝ හිත රිදුනු මිනිස්සු ඉන්න බව මම දන්නවා.”