මඩකලපුව ශීක්ෂණ රෝහලේදී ගොලු තරුණයෙකුට කතා කිරීමේ හැකියාව ලබාදීම සඳහා සිදුකළ සැත්කමක් සාර්ථක වූ බව රෝහල් අධ්‍යක්ෂක එම්.ඉබ්රාලබ්බේ මහතා අද (09දා) සඳහන් කර සිටියේය.
මඩකලපුව ශීක්ෂණ රෝහලේ කණ නාසය හා උගුර වෛද්‍ය ශල්‍යකර්ම විශේෂඥ වෛද්‍ය එස්.ජීවදාස් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඔ සිට පැමිණි විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් මෙම ශල්‍යකර්මය සිදු කරන ලදී.
උපතේ සිට කතා කළ නොහැකි මෙම තරුණයා කතා කරවීම සඳහා මෙම ශල්‍යකර්මය පැය හය හමාරක කාලයක් සිදුවුණු අතර, සාර්ථකව මෙම ශල්‍යකර්මය සිදුවුණු බවට මඩකලපුව ශීක්ෂණ රෝහල් අධ්‍යක්ෂක පැවසීය.
සැත්කමට භාජනය වූ තරුණයා ඒරාවූර්හි පදිංචි අයෙකු බව මඩකලපුව ශීක්ෂණ රෝහල පැවසීය.
මෙම ශල්‍යකර්මය පෞද්ගලික රෝහලක සිදු කරන්නේ නම් ලක්ෂ ගණනාවක් වැයවන බවද වැඩිදුරටත් ඔවුහු පැවසූහ.
ජවුෆර්කාන් - මඩකලපුව