ඉන්දියාවේ විශාලතම ගෑස් නිෂ්පාදන සමාගම වන පෙට්ට්‍රෝනෙට් සමාගම ශ්‍රී ලංකාවේ නළ මාර්ගයෙන් ගෑස් සැපයීමේ ව්‍යාපෘතියත් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. නළ මාර්ගයෙන් ගෑස් සපයන ශ්‍රී ලංකාවේ පළමු පරිසර හිතකාමී ව්‍යාපෘතිය මෙය වනු ඇත. එකී ව්‍යාපෘතිය ආරම්භ කිරීම පිළිබඳ මූලික වටයේ සාකච්ඡාවක් ඊයේ (01දා) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ පෙට්ට්‍රෝනෙට් සමාගමේ නියෝජ්‍ය කළමණාකරු මනික් ජාම්බේ මහතා,
“ශ්‍රී ලංකාවේ ඉවුම් පිහුම් සඳහා ගෘහස්ථව භාවිත කරන ගෑස්, නළ මාර්ගයෙන් නිවසටම සැපයීමේ ක්‍රමවේදයක් පෙට්ට්‍රෝනෙට් සමාගම විසින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙය දැනට භාවිතකරන ගෑස් සිලින්ඩර්වලට විකල්පයක්" යැයි කීය.
එමෙන්ම අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අදහස් දක්වමින්,
“මේ ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් දේශීය ගෑස් වෙළෙඳපොළෙහි ශීඝ්‍ර සංවර්ධනයක් අපේක්ෂා කරන්න පුළුවන්. එමගින් ගෑස් වෙළෙඳපොළ ශක්තිමත් කළ හැකියි. දැනට භාවිත කරන ගෑස් සිලින්ඩර් එකක් අවසන් වූ පසු තවත් ගෑස් සිලින්ඩරයක් ලබාගැනීමට සිදුවෙනවා. නළ මාර්ගයෙන් ගෑස් බෙදාහැරීමෙන් නිවාසවල ඉවුම් පිහුම් කටයුතු පහසු කරගත හැකි වේවි" යැයි පවසා සිටියේය.
මෙයට අමතරව රථවාහන, ආහාර,ඖෂධ,තීන්ත,රසායන ද්‍රව්‍ය, සිමෙන්ති, ගෘහ භාණ්ඩ, සත්ත්ව ආහාර, වැනි කේෂ්ත්‍රවල පවතින ආයෝජන අවස්ථා පිළිබඳවද ඉන්දියානු ආයෝජකයන් පිරිස අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමග සාකච්ඡා කළහ.