වතු පාසල් සහ දිවයිනේ වෙනත් පාසල් වල සේවයේ නිරත ගුරු සහයකයින්ට රජය විසින් ලබාදුන් රු.6000 ක දීමනාව රු.10000 දක්වා ඉහල නැංවීමට රජය තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.
ගුරු සහයකයින් විසින් සිදුකල ඉල්ලීම් මෙන්ම පවත්නා ජීවන වියදමද සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍ය වරයා විසින් කැබිනට් මණ්ඩලය වෙත යොමුකළ පත්‍රිකාවකට ලද අනුමැතියට අනුව මෙම දීමනාව වැඩිකිරීම සිදුකර ඇති අතර එය 2017 වසරේ පෙබරවාරි මස 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි ගුරු සහයකයින් වෙත ලබාදීමට තීරණය වී තිබෙන බවත් එම අමාත්‍යංශය සඳහන් කරයි.