ගැබිනි මවුවරුන්ට පෝෂණ දීමනාවක් ලබාදීමේ ව්‍යාපෘතිය මවුවරුන්ගේ ජංගම දුරකථනයට ලැබෙන ඩිජිටල් මුදල් වුචරයක් මගින් ක්‍රියාත්මක කරවීමේ නව වැඩසටහනක් අාරම්භ කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතිය හරහා රුපියල් 20,000ක් දක්වා පෝෂණ දීමනාවක් මාසික රුපියල් දෙදහසේ වාරික ලෙස ගැබිනි මවුවරුන්ට ලබාදුන් බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
මෙතෙක් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූයේ ගැබිනි මවුවරුන් විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලබාගන්නා වවුචර් පතක් වෙළෙඳ සැල්හිමියන්ට ලබා දී අවශ්‍ය භාණ්ඩ ලබාගන්නා පරිද්දෙන් බවත් එම මවුවරුන්ගේ වඩාත් පහසුව පිණිස මෙම ජංගම දුරකථනය භාවිත කරන නව ක්‍රමවේදය හඳුන්වා දීමට නියමිත බවත් එම කාර්යාලය සඳහන් කරයි.
මෙහිදී සිදුවනුයේ ලියාපදිංචි ගැබිනි මවුවරුන්ට ඩිජිටල් වවුචරයක් ලෙස මාසිකව මෙම මුදල තමන්ගේ ජංගම දුරකථනයට ලැබෙන බවත් එය වෙළෙඳ සැල් හිමියන්ට ඉදිරිපත් කර භාණ්ඩ ලබාගැනීමට හැකිවන අතර, වෙළෙඳ සැල්හිමියන්ටද තමන්ගේ ජංගම දුරකථනය හරහා වවුචරයට අදාළ මුදල තමා වෙත ලබාගැනීමට හැකියාව ලැබෙන බවත් ඕනෑම දුරකථන ජාලයක් හරහා මෙය ක්‍රියාත්මක කළ හැකිවන පරිදි සැලසුම්කර ඇති බවත් එම කාර්යාලය සඳහන් කරයි.