ගුරුවරුන්, දෙමාපියන් හා සිසුන් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොටගල කේම්බ්‍රිජ් දෙමළ විද්‍යාලයට පොලිස් ආරක්ෂාව යොදවා ඇත.
පාසලේ සිසුවියන් පිරිසකට එම පාසලේ ගුරුවරයෙකු යකඩ පොල්ලකින් පහර දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මෙම ගැටුම ඇතිවී ඇත.
මෙම ගැටුමෙන් ගුරුවරයෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර තුවාල ලැබූ සිසුවෙකුගේ පියෙක් ද කොටගල ප්‍රදේශිය රෝහලට ඇතුලත් කර ඇත.