ගංවතුර ආරක්ෂණ ආඥා පනත අහෝසිකර නව ගංවතුර කළමනාකරණ පනතක් ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමුකර තිබේ. ගංවතුරින් හානි සිදුවිය හැකි ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීම පිණිස දැනට ක්‍රියාත්මක වෙන්නේ 1924 අංක 4 දරන ගංවතුර ආරක්ෂණ ආඥාපනතය.
මෙම පනතින් ගංවතුරින් හානි සිදුවිය හැකි ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීමට විෂයභාර අමාත්‍යවරයාට බලය පැවරී ඇති අතර, එම ප්‍රදේශ ආරක්ෂා කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීමේ බලය වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල් වෙත පැවරී ඇත.
ඒ අනුව පසුගිය කාලය තුළ සිදුවී ඇති සමාජ, ආර්ථික, පාරිසරික, දේශගුණික හා ආයතනික වෙනස්කම් සැලකිල්ලට ගෙන වර්තමාන හා අනාගත අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි නව ගංවතුර ආරක්ෂණ පනතක් ස්ථාපිත කිරීමට නියමිතය.
එහිදී ගංගා සහ ජලාශවලින් ඇති විය හැකි ගංවතුර ආපදා මෙන්ම වැසි ජලය එක්රැස්වීම හේතුවෙන් සිදුවන නාගරික හා ප්‍රාදේශීය ආපදා සහ වෙනත් ආකාරයේ ජල ගැලීම්වලින් සිදු වන ආපදාවලින් ජීවිත, දේපොළ, පරිසරය හා ආර්ථිකයට සිදුවිය හැකි හානි හා ආපදා අවම කිරීමට ගත හැකි විධි විධාන ගැනීමට නියමිතය.
වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියද ලැබී ඇත.