ගංවතුර හා නායයෑම් මගින් රටේ සමස්ත ආර්ථිකයට සිදුවූ හානිය පිළිබඳ තක්සේරු වාර්තාවක් අනිද්දා(02දා) වනවිට සකස් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට දැනුම් දී තිබේ.
ඒ අනුව පසුගිය දිනයන්හිදී ඇතිවූගංවතුර හා නායයෑම් හේතුවෙන් ආර්ථිකයට සිදුවූ අලාභ හානි දිස්ත්‍රික්ක මට්ටමින් අදාළ දිසාපතිවරුන් මාර්ගයෙන් අනිද්දා(02දා)ට පෙර ලබාදෙන ලෙස අග්‍රමාත්‍ය ලේකම් සමන් ඒකනායනමහතා උපදෙස් දී ඇති බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.