ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අක්‍රමිකතා දුෂණ සම්බන්ධයෙන් සාකච්ඡාකිරීමට ඉදිරි වර්ෂයේ (2016) පාර්ලිමේන්තුවේ දිනක විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා අද(19) පාර්ලිමේන්තුවේදී ඉල්ලීය. ඒපිළිබඳ අවශ්‍ය කටයුතු සපයාදිය හැකි බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසු අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අක්‍රමිකතා දුෂණ සම්බන්ධයෙන් සෙවිම සඳහා පත් කෙරුණු කමිටුවේ වාර්තාව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සභාගතකරන ලදී. වාර්තාව සභාගත කරමින් අමාත්‍යවරයා කියා සිටියේ සියලූ ක්‍රීඩා සංගම්වල සිදුවන වංචා සහ දූෂණ විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත් කරන බවත් එම වාර්තාව මගින් කරණු 18 යටතේ කරුණු දක්වා ඇතිබවත්ය.