කොළඹ නගරයේ උද්ඝෝෂණය කරන පිරිසට උද්ඝෝෂණය කිරීමට ස්ථාන 03ක් වෙන්කිරීමේ යෝජනාවට අද (27දා) කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.
මෙම ස්ථාන 03 තෝරා ගැනීමේ අවස්ථාව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට පැවරීමටද මෙහිදී කටයුතු කර ඇත.
එම ස්ථාන තුන තෝරා ගත් පසු එය ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.