(UPDATE) අවිස්සාවෙල්ල - කොළඹ මාර්ගය අවහිර කරමින් පැවති උද්ඝෝෂණය මිනිත්තු 20ක් පමණ පැවැති බවත් ප්‍රදේශවාසීන් පාරෙන් ඉවත්වූ බැවින් මේවනවිට වාහන ගමන් කරන බවත් පොලිසිය පැවසීය
කොස්ගම සාලාව ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්තාවක් හේතුවෙන් අවිස්සාවේල්ල - කොළඹ මාර්ගය මේවනවිට වසා දමා තිබේ.
අද පස්වරුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොස්ගම අවතැන් වූ ජනතාව පිළිබඳ සොයා බැලීමට බොරලුගොඩ විහාරස්ථානයට සහ ප්‍රජා ශාලාව වෙත පැමිණි අතර කොස්ගම රෝහල සහ විනාශයට පත්වූ නිවාස ද අගමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.
අවතැන්වූ ජනතාව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව අගමැතිවරයා පිටත්ව ගියේය. මේ අතර කොස්ගම ප්‍රදේශයේ තවත් පිරිසක් තමන් සමග සාකච්ඡා කිරීමට හෝ අගමැතිවරයා නොපැමිණි බව පවසමින් උද්ඝෝෂණයක නිරත වූහ. මේ හේතුවෙන් මේවනවිටත් අවිස්සාවේල්ල - කොළඹ මාර්ගය වසා දමා තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග රවී කරුණානායක, අනුර ප්‍රියදර්ශන අමාත්‍යවරුන්ද දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධන සහ ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරුද එක්ව සිටියහ.