ආපදාවෙන් විපතට පත් ජනතාවට මූල්‍ය ආධාර ලබාදෙන දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් දකුණු කොරියාවේ පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලා තිබේ. තානාපති කාර්යාලයේ ලිපියක් මගින් මේ බව ශ්‍රී ලාංකිකයන්ට දන්වා ඇති අතර එසේ ලැබෙන මුදල් සඳහා තානාපති කාර්යාලය කුවිතාන්සියක්ද නිකුත් කිරීමට නියමිතය. ලැබෙන සියලු පරිත්‍යාග විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අාපාදා කළමනාකරණ අමාත්‍යාංශයට ලබා දීමට නියමිතය.
