ඉදිකිරීම් ක්ෂේත්රය සඳහා කොන්ක්‍රීට් පෝම්ප ට්‍රක් රථ ආනයනය කිරීම නියාමනය කිරීමට රජය කටයුතු කර තිබේ.ඒ අනව එම යන්ත්‍ර ආනයනයේදී වසර 10 කට වඩා නොපැරණි සහ වසර 10 කට වඩා පැරණි කොන්ක්‍රීට් පොම්බ ට්‍රක් රථ ලෙස නව සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 02 ක් හඳුන්වා දී ඇත.
එයින් වසර 10 කට වඩා පැරණි කොන්ක්‍රීට් පොම්බ ට්‍රක් රථ ආනයනය කිරීම සඳහා ආනයන බලපත්‍ර ලබාගත යුතු වෙයි.
මේ සඳහා 1969 අංක 1 දරන ආයනයන හා අපනයන (පාලන) පනත යටතේ පළ කරන ලද අංක 2019/24 හා 2017 මැයි මස 19 දිනැති ගැසට් නිවේදනය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දී ඇත.