ජනාධිපති කාර්යාලයේ වැඩසටහනක් ලෙස ක්‍රියාවට නැංවූ 'වසවිස නැති රටක්' කෘෂිකාර්මික වැඩසටහන කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට විෂය භාර අමාත්‍ය දුමින්ද දිසානායක මහතා තීරණය කර තිබේ.
ඒ අනුව මෙතෙක් කාබනික ගොවිතැන ප්‍රවර්ධනය නොකළ කෘෂිකර්ම අමාත්‍යාංශය මින් ඉදිරියට කාබනික ගොවිතැන ප්‍රචලිත කිරීමට රට පුරා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ජාතික වකුගඩු රෝගයෙන් ජනතාව ගලවා ගැනීම සඳහා 'වසවිස නැති රටක්' සංකල්පය ක්‍රියාත්මක වේ.