ඒඩ්ස් ආසාධනය වී ඇති බවට ප්‍රකාශ පැතිරයාමත් සමග කුලියාපිටියේ දරුවෙකුට පාසලක් අහිමිවීම සමාජයේ මහත් ආන්දෝනයට ලක් වූ පුවතක් විය.මේ පිළිබඳව ඊයේ මහනුවරදී අදහස් දක්වමින් අධ්‍යාපන ඇමතිවරයා සඳහන් කළේ මවගෙන් දරුවා වෙන්කර පරිවාසයට දමා ටික කාලයකින් නැවතත් පාසලකට ඇතුළත් කළ හැකි බවයි.
කළාප අධ්‍යාපන නිලධාරීන් පියා මිය ගියේ ඒඩ්ස් ආසාධනයෙන් බවත්, මවටද ඒඩ්ස් තිබෙන බවත් දරුවා මවගේ ඇකයේ සිටින හෙයින් දරුවාව මවගෙන් වෙන් කළ යුතුයැයි හැගෙවෙන ප්‍රකාශයක්ද අමාත්‍යවරයා කළේය. මෙම ප්‍රකාශය ආන්දෝනයක් වූ අතර ඒ පිළිබඳව අමාත්‍යවරයාට විවිධ චෝදනා එල්ලවිය.
කෙසේ වෙතත් ඒ පිළිබඳව අමාත්‍යවරයා සිය ෆේස් බුක් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කර තිබේ.
අමාත්‍යවරයගේ නිවේදනය.
සමාජය තුළ මහත් ආන්දෝලනයකට ලක්ව ඇති කුලියාපිටියේ දරුවා පිළිබඳ සිද්ධිය අධ්‍යාපන අමාත්‍යවරයා මෙන්ම ප්‍රදේශයේ මන්ත්‍රීවරයා ලෙස මා දැඩිව කම්පාවට පත් කළ සිදුවීමක් වුනා.පියාද අහිමි ඒ දරුවාගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීමත්,මවගේ සුභ සාධනය වෙනුවෙනුත් ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස මා අදාළ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් සෘජුවම ලබා දීමට කටයුතු කළා. නමුදු ශ්‍රී ලංකාව වැනි රටක පවතින සංස්කෘතිය සහ ජනවිඥාණය තුල කාලන්තරයක් පුරා මුල් බැසගත් ආකල්ප එකවර උඩු යටිකුරු කිරීමට කිසිවෙකුට හැකියාවක් නැති බව අකමැත්තෙන් වුවද අවබෝධ කරගතයුතු කටුක යථාර්ථයයි.සමාජ රෝග පිළිබඳ පවත්නා සමාජ ආකල්ප සමඟ ප්‍රවේශමෙන් ගනුදෙනු කළ යුතුයි.එමෙන්ම මෙවැනි කරුණු පිළිබඳ සමාජය නිවරැදි ලෙස දැනුවත් කිරීමේ අවශ්‍යතාවද අප මෙවැනි සිදුවීම් හරහා අවබෝධ කරගත යුතුයි.තව දුරටත් මෙවැනි සමාජ සංවේදී සිදුවීම් සඳහා සංයමයෙන් සහ මනා හික්මීමකින් යුක්තව විසඳුම් ලබාදීම සමාජ වගකීම වුවද අද සිදුව ඇත්තේ දරුවා සහ දරුවාගේ මව පිළිබඳ දිගින් දිගටම මාධ්‍යයෙන් ප්‍රචාරය කිරීම හරහා හණමිටි හා ගතානුගතික අදහස් දරන සමාජ ක්‍රමය තුළ දරුවා සහ මව තවදුරටත් අසරණ වීමයි.
මේ දරුවාට HIV ආසාදනය වී නොමැති තත්ත්වයක සහ මවට HIV අසාදනය වී ඇති බවට පවතින රාවයන් සමඟ මේ දරුවා රැකගැනීමත් අධ්‍යාපන අයිතිය ලබා දීමත් මවගේ සුභ සාධනය ඇති කිරීමත් අපගේ වගකීමයි.
එය Gossip මාධ්‍ය සහ වගකීම් විරහිත මාධ්‍ය සංදර්ශනවලින් කළ හැක්කක් නොවන බව වටහා ගැනීමට අප සබුද්ධික විය යුතුය.
මේ පිළිබඳ මා සිදුකල ප්රකාශයන්ද විකෘති අදහසක් බව පත් කරමින් තවත් මාධ්‍ය සංදර්ශනයක් බවට පත් කිරීමට ඇතැමෙකු ක්‍රියා කිරීම කණගාටුවට කරුණකි.මේ දරුවාට මව් සෙනෙහස කිසි ලෙසකින් අහිමි කළයුතු නැත.නමුත් ප්‍රශ්නයට පිළිතුරක් සොයා ගත යුතුය.
දරුවා ටික දිනකට හෝ මවගෙන් වෙන් කොට දරුවා සුරක්ෂිත බව සමාජයට ඇඟවීමටත් පාසලක් ලබාදීමටත් අපට හැකිවනු ඇත.එවිට මව සමඟ දරුවා සිටීමෙන් වෛරසය අසාදනය වෙතැයි පවතින මතවාදයන්ද බැහැර වී යනු ඇත.මා හට අවශ්‍ය වන්නේ මේ දරුවාට සහ මවට යහපතක් කිරීම පමණි.
නීතිඥ අකිල විරාජ් කාරියවසම්
අධ්‍යාපන අමාත්‍ය