කැබිනට් ප්‍රකාශක යනු රජයේ ප්‍රකාශ නිකුත්කිරීම සඳහා ස්ථාපිත කළ තනතුරක් මිස දේශපාලන මතවාදයන් ප්‍රකාශකිරීම සඳහා ස්ථාපිත කළ තනතුරක් නොවන බව නව සමකැබිනට් ප්‍රකාශක ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(31දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේබව ප්‍රකාශ කළේය.
සතියේ කැබිනට් මාධ්‍ය හමුව තුළ රජයේ ප්‍රකාශයන් නිවැරදිව සන්නිවේදනය කිරීමේ පහසුව වෙනුවෙන් තවත් සමකැබිනට් ප්‍රකාශකවරයෙකු පත්කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අපේ ප්‍රකාශ රජයේ ප්‍රකාශ විදිහට තමයි ක්‍රියාත්මක කරන්නෙ. එහෙම නැතුව මේ ප්‍රකාශ එකඑක පක්ෂවල දේශපාලන මතවාදයන් ප්‍රකාශ කරන ස්ථානයක් නොවෙයි. කැබිනට් ප්‍රකාශක කියන එකෙන් අදහස් කරන්නෙ රජයේ ප්‍රකාශ නිකුත් කිරීමේ ක්‍රියාවලිය සඳහායි. යැයි අමාත්‍යවරයා පැවසිය.