කාලගුණික තත්ත්වය යහපත් වුවහොත් විසන්ධි වී තිබෙන විදුලි සැපයුම් සියල්ල ඉදිරි දින 03ක කාලය ඇතුළතයථාතත්ත්වයට පත්කිරීමට හැකිවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, අදාළ ප්‍රදේශවල ජලය බැසනොයෑමේ තත්ත්වය ප්‍රධාන ගැටලුවක් වී ඇති අතර, එම තත්ත්වය අවමවූ පළමු පැය තුළදීම විදුලිය ලබාදීම සඳහා කටයුතු කිරීමට සූදානමින් සිටින බවයි.
ආපදා තත්ත්වය හේතුවෙන් හා ආරක්ෂාව වෙනුවෙන් සිදුකළ විදුලිය විසන්ධි කිරීම් හේතුවෙන් පාරිභෝගිකයන් 625,000ක පමණ පිරිසකගේ විදුලි සැපයුම විසන්ධිවූ බව සඳහන් කළ අමාත්‍යවරයා,ඒ අනුව දකුණු පළාතේ 253,130කගේ විදුලිය බිඳවැටුණු බවත්, ඉන් 189,300කට මේ වනවිට විදුලිය නැවත ලබාදී ඇති බවත් පවසා සිටියේය.
කෙසේ වුවද මේ වනවිට විදුලිය නොමැති පිරිස සමස්තයක් ලෙසගත්කළ ආපදාවට ලක්වූවන්ගෙන් 28.4෴ක ප්‍රමාණයක් එනම් 177,775 දෙනෙකු පමණ වන බවද හෙතෙම පැවසීය.