කුරුණෑගල, කෑගල්ල, කලුතර, ගාල්ල, රත්නපුර, ගම්පහ හා කොළඹ යන දිස්ත්‍රික්කවලට මිලි මීටර් 100 ඉක්මවූ වැසි බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
විශේෂයෙන්ම ජුනි මස 27 දා තෙක් කෑගල්ල හා කලුතර දිස්ත්‍රික්ක සඳහා වැසි ඇතිවෙන බවද එම නිවේදනයේ දැක්වෙයි. අද පෙ.ව. 10.00ට මෙම විශේෂ නිවේදනය නිකුත් කළේය.
නිරත දිග මෝසම සක්‍රීය පැවැතීම මේ සඳහා හේතුව බවත්, ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.