බැංකොක් හි ස්වර්ණභූමි ගුවන් තොටුපළේදී ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානාවක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් එහි කොළඹ සිට බැංකොක් බලා පිටත් වීමට නියමිත වූ UL883 දරණ ගුවන් යානාවේ ගුවන් ගමන අත්හිටුවීමට කටයුතු කර තිබේ.
එමගින් ගුවන් මගීන්ට සිදුවන අපහසුතාව අවම කිරීම සඳහා ගුවන් සමාගම විසින් විශේෂ ගුවන් යානාවක් කොළඹ සිට බැංකොක් වෙත ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.