ජාත්‍යන්තර කාන්තා දින ජාතික උත්සවයට සමගාමීව, කාන්තාවන් දස ලක්ෂයක් ආර්ථීක වශයෙන් සවිබල ගැන්වීමේ වැඩසටහන දියත් කිරීමට පියවර ගන්නා බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.
මෙහිදී දිවයින පුරා කාන්තාවන් දස ලක්ෂයක් තෝරා ගෙන ඔවුහු ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පුහුණු කිරීමට හා තාක්ෂණික සහාය යටතේ සවිබල ගැන්වීමට පියවර ගන්නා බව ද සඳහන් කළේය.
මෙමගින් එක් කාන්තාවක් වෙනුවෙන් වාර්ෂිකව රුපියල් ලක්ෂයක අතිරේක ආදායමක් ලබා ගත හැකි වෙතැයි අපේක්ෂා කෙරෙන අතර, එමගින් ජාතික ආර්ථීකයට එකතු කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියනයක් පමණක් වන අතර නිවසේ සිට සෙසු කාර්යයන් සිදු කරන අතරවාරයේ හෝ වෙනත් ස්ථීර හෝ අර්ධකාලීන රැකියාවක නියුතු වන අතරවාරයේ යොමු විය හැකි කර්මාන්ත කෙරෙහි කාන්තාවන් උනන්දු කිරීම මෙම වැඩසටහන මගින් සිදු කෙරෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.