සමස්ත පළාත් පාලන ආයතනවලින් එකතු කරන කැළි කසළ කළමනාකරණය කිරීමේ කාර්ය සාධක මෙහෙයුම් මධ්‍යස්ථානය පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේදී අද (05දා) විවෘත කෙරේ.
කැබිනට් මණ්ඩල අනුමැතිය මත මෙම මධ්‍යස්ථානය විවෘත කරන අතර, ඒ හරහා සමස්ත පළාත් පාලන ආයතන සිදුකරන කැළි කසළ කළමනාකරණය අධීක්ෂණය කිරීමට උපදෙස් ලබාදීම හා අවශ්‍ය සහයෝගය ලබාදීම මෙම මධ්‍යස්ථානය තුළින් සිදුකිරීමට සැලසුම් කර තිබේ.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය, නීතිය හා සාමය අමාත්‍යාංශය, පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශය, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ ගණනාවක නියෝජිතයෝ මෙහෙයුම් මධ්‍යස්ථානය හරහා අවශ්‍ය වැඩකටයුතු සිදුකිරීමට යොදවා සිටිති.