කසළ කළමනාකරණය විධිමත් කිරීමට විශේෂ සාකච්ඡාවක්
පළාත් පාලන ආයතනයන්හි කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ තවත් සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
කසළ අංගන අලුත්වැඩියාව, ගංවතුර ඇති වූ ප්‍රදේශයන්හි කසළ ඉවත් කිරීම, කෙටි කාලයක් තුළ කොම්පෝස්ට් නිපදවිය හැකි යන්ත්‍ර හඳුන්වාදීම, කසළ කළමනාකරණය විධිමත් කිරීම සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගැනීම, කසළ කළමනාකරණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම, පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා වන ගැසට් පත්‍රය පළකිරීම, කසළ කළමනාකරණය විධිමත් කිරීම සඳහා වන මාර්ගෝපදේශ සංග්‍රහය ක්‍රියාත්මක කිරීම යන කරුණු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.
මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, වජිර අබේවර්ධන, පාඨලී චම්පික රණවක, සජිත් ප්‍රේමදාස, ෆයිසර් මුස්තාපා, ගයන්ත කරුණාතිලක, සාගල රත්නායක, සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුද අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

