ශ්‍රී ලංකාවේ කසළ කළමනාකරණය සඳහා බලගතු ආයතනයක් අවශ්‍ය බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. මීතොටමුල්ල කසළ කන්ද නාය යෑම පිළිබඳව පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
විවාදයට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව තුළ කසළ බැහැර කිරිමේ ක්‍රියාවලිය දේශපාලනීකරණය වි ඇති බවයි.
මේ අතර මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසුවේ ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට සැලසුමක් නැති බවයි.