කසළවලින් විදුලිය නිපදීම මහනුවරින් ඇරඹේ
මහනුවර, ගොහාගොඩ අපද්‍රව්‍ය බැහැරලන ස්ථානය ආශ්‍රිතව කොම්පෝස්ට් හා බලශක්තිය නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
ව්‍යාපෘතිය යටතේ නිපදවන විදුලිය ලංකා විදුලිබල මණ්ඩලය මගින් නිශ්චිත අයක්‍රමයක් යටතේ මිලදී ගැනීමට අදාළව එකඟතාවකට පැමිණීමට නියමිතය.
මේ අතර මුතුරාජවෙල ප්‍රදේශයේ රජයට අයත් අක්කර 05ක භූමි ප්‍රමාණයක සනීපාරක්ෂක කසළ රඳවනයක් ස්ථාපිත කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කසළ කළමනාකරණ පර්යේෂණ ඒකකය විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ හරහා වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උස්වැටකෙයියාව, මුතුරාජවෙල දිනකට කසළ මෙට්‍රික් ටොන් 400ක් පමණ කළමනාකරණය කළ හැකි සනීපාරක්ෂක රඳවනයක් ස්ථාපිත කිරීමට නියමිතය.
පළාත් සභා හා පළාත් අමාත්‍යාංශයට මේ වර්ෂය සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

