සීනි කර්මාන්තයට, පොල් කර්මාන්තයට පවා ඇමතිවරුන් සිටින රටේ කැළි කසළ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අමාත්‍යාංශයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. මරික්කාර් මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් කැළි කසළ ප්රශ්නයේදී විවිධ ආයතන එකිනෙකාට චෝදනා කර ගන්නා බවත්, එහෙත් එම චෝදනා කරගැනීම තුළින් ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බවද හෙතෙම පවසා සිටියේය.
මේ හේතුවෙන් කැළි කසළ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අධිකාරියක් පිහිටුවා වෙනම අමාත්‍යාංශයක් පත්කරන ලෙස රජයට යෝජනා කළ බවද අද (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා සඳහන් කළේය.