රඹුටන් ගසකින් ඇදවැටීම නිසා දොළොස් හැවිරිදි පාසල් දැරියකගේ වම්පාදයේ පහළ කොටස පසාරුකරගෙන ගොස් තිබූ තේකෝටුවක් ඉවත් කිරීමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ නහර හා අවයව බද්ධ කිරීමේ ඒකකයේ වෛද්‍යවරු පිරිසක් සමත්ව සිටිති.
යක්කලමුල්ල ,නාකියාදෙණිය ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව් වාසනා සෙව්වන්දි (12) නැමති පාසල් දැරියක මෙම අනතුරට ලක්ව තිබේ.
මෙම දැරිය පසුගිය 19දා සිය නිවසේ තිබු රඹුටන් ගසකට නැග රඹුටන් කඩමින් සිට ඉන් බැසීමට යාමේදී පාදය ලිස්සා යාමෙන් කප්පාදුකොට තිබූ තේ ගසක් මතට ඇදවැටීමෙන් මෙම අනතුරට ගොදුරුව ඇත.
මේ හේතුවෙන් ඇගේ වම්පාදයේ ලේ ගමනා ගමනය නතරව තිබී ඇති අතර පැය දෙකහමාරක පමණ සැත්කමකින් පසු දැරියගේ වම් පාදය පසාරුකරගෙන යන ලෙස ඇනී තිබූ මෙම කොටු කැබැල්ල ඉවත් කර තිබේ.
මෙම සැත්කමින් පසු දැරිය හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි ප්රධානත්නයෙන් සිදුකෙරුණු මෙම සැත්කමට වෛද්‍යවරුන් වන එච්. විනෝජන්, ඉෂාන් පෙරේරා හා නිර්වින්දන වෛද්‍ය ප්‍රසන්න යන මහත්වරුන් සහයෝගය ලබාදී ඇත.
( ජිනේෂ් නානායක්කාර රවිඳු දීයගහගේ, සරත්ආනන්ද)