කොළඹ නගරයේ කුණු කරඳියාන කසළ කළමනාකරණ අංගනය වෙත බැහැර කිරීම හෙට (29දා) සිට තහනම් කිරීමට කැස්බෑව මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබේ.
පසුගිය 17 වැනිදා සිට අද (28දා) දක්වා කොළඹ මහ නගර සභාව එක්රැස් කරන කසළ මෙට්රික් ටොන් 350 බැගින් අද දින දක්වා කරඳියානට බැහැර කිරීමට කැස්බෑව මහේස්ත්රාත් අධිකරණය අවසර දුන්නේය.
එම කාලසීමාව අද අවසන් බැවින් හෙට (29දා) සිට කරඳියානට කසළ බැහැර කිරීම තහනම් වෙයි.