කතරගම දේවාල අණපනත් වෙනස් කරමින් තමන්ගේ ඥාතීන්ට තනතුරු පැවරූ, පුරාවස්තු සොරකම්කළඇතැම් බංකොළොත් දේශපාලනඥයන් වත්මන් රජය පිංකැට කඩන බවට චෝදනා කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මහතා ප්‍රකාශ කළේය.
දඹුලු රජමහා විහාරයේ විහාර පාර්ශ්වය සහ රජය අතර විධිමත් වැඩපිළිවෙළක් ඇතිකරගන්නාතුරු දඹුලු රජමහා විහාරයේ සංරක්ෂණ කටයුතුවලින් සංරක්ෂණ නිලධාරීන් ඉවත්වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.
දඹුල්ල රජමහා විහාරයේ මේවනවිට කිසිදු සංරක්ෂණ කටයුත්තක් සිදුනොවන බවත්, මේ සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා කර එකඟතාවකට පැමිණිමට බලාපොරොත්තු වන බවත්, අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ අද(04දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේදීය.
දඹුලු ලෙන් විහාර නැරඹීමට පැමිණෙන විදේශිකයන් සඳහා විධිමත් ආකාරයට ප්‍රවේශපත්‍රයක් නිකුත්කර, අවශ්‍ය මුදල් ස්වාමීන්වහන්සේලාට අවශ්‍ය ආකාරයට ලබාදීමටත්, ඉතිරි මුදල් සියල්ලම පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණයට යෙදවීමටත් බලාපොරොත්තුවන බවද අමාත්‍යවරයා කීවේය.