කටාර් රියාල් බාර නොගැනීමෙන් කටුනායක ගැටලුවක්
කටාර් සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් ශ්‍රී ලංකාවට රැගෙන එන කටාර් රියාල් මුදල් කටුනායක ගුවන් තොටුපොළේදී ඩොලර් වලට හෝ ශ්‍රී ලංකා රුපියල්වලට හුවමාරු කර ගැනිමට නොහැකි වීමෙන් කටාර් සිට පැමිණෙන ගුවන් මගීන් දැඩි අසීරුතාවකට පත්ව තිබේ.
කටුනායක ගුවන් තොටුපොළේ බැංකු, පෞද්ගලික මුදල් හුවමාරු කරන්නන් හා තීරු බඳු රහිත සාප්පුවලින්ද කටාර් රියාල් බාර නොගනී. මහ බැංකුව දුන් නියෝගයක් අනුව මෙය ක්‍රියාත්මක වෙයි.
ඒ අනුව කටාර් සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලංකා ශ්‍රමිකයන්ට සිය නිවෙස්වලට පවා යෑමට අවශ්‍ය මුදල් ලබාගැනීමට නොහැකි තත්ත්වයට ඔවුන් පත්ව තිබේ.
මේ අතර අද දිනයේදීත් කටාර් සිට ශ්‍රී ලංකාවට ගුවන් යානා තුනක් පැමිණීමට නියමිත අතර එහිදී ආසන්න වශයෙන් ශ්‍රී ලංකා ශ්‍රමිකයන් 1000ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතය. ශ්‍රී ලංකාවෙන් කටාර් බලා පිටත්ව යන කිසිඳු ගුවන් යානයක් මේ දක්වා ගැටලුවකට පත්ව නොමැත.
කටාර් රියාල් කටාර් රාජ්‍ය තුළදීම ඩොලර් හෝ වෙනත් විදේශ මුදල් බවට පත්කරගෙන ශ්‍රී ලංකාවට පැමිණීමෙන් ඔවුන්ට මෙම ගැටලුව තරමක් දුරට අවම කර ගැනීමට හැකියාව පවතියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
