ගංවතුර හා ආපදා උවදුරු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ වැටුප හා පුද්ගලික මුදල් යොදවන බව ඒකාබද්ධ විපක්ෂයේ උපසභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.රංජිත් ද සොයිසා මහතා පැවැසීය.
එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ඒකාබද්ධ විපක්ෂය ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් ඔහු පවසා සිටියේය.
පසුගිය වර්ෂයේදී එවකට මුදල් අමාත්‍යවරයා විසින් යෝජනා කළ පරිදි දෙකෝටි විසිලක්ෂයක් වූ ජනතාව ආවරණය වන පරිදි රක්ෂණ ආවරණයක් ස්ථාපිත කර ඇති බවත් ඒ අනුව විපතට පත් පුද්ගලයෙකුට ලක්ෂ දහයක මුදලක් ලබාදීමට මුදල් වෙන්කර ඇති බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
එම වන්දි මුදල් විපතට පත් ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසුවේ අදට විශේෂ ප්‍රකාශයක් කරමිනි.
බලංගොඩ රෝහණ වසන්ත