අයවැය අවසන්වනතුරු මෙම වසර තුළදී විදෙස් සංචාර සීමා කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට ඊයේ (06දා) ලිඛිතව දන්වා තිබේ.
අදාළ ලිපිය මගින් අගමැතිවරයා දන්වා ඇත්තේ මෙම කාලය තුළ අත්‍යවශ්‍ය විදෙස් සංචාර තිබේ නම් ඒ පිළිබඳ සති තුනකට පෙර තමා දැනුවත් කරන ලෙසයි. රජයේ කටයුතු කාර්යක්ෂමව හා ප්රමුඛත්වයෙන් ඉටු කරගැනීම වෙනුවෙන් එම ලිපිය යොමු කරන බවද අගමැතිවරයා එමගින් වැඩිදුරටත් දන්වා ඇත.