දැනට රාජ්‍ය සේවය තුළ සිටින උපාධිධාරීන් 110,000කට අධික පිරිසකට ඇතිවී තිබෙන වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාදීමට සහ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීම සම්බන්ධයෙන් අද (30දා) සවස උපාධිධාරීන්ගේ සංගමය සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා මුදල් ස්වදේශ කටයුතු හා කළමනාකාර සේවා අමාත්‍යාංශ ප්‍රධානීන්ද සහභාගිවීමට නියමිත අතර, මෙහිදී රැකියාවේ නිරත වී සිටින උපාධිධාරීන්ට ඇති වී තිබෙන වෘත්තීය ගැටලු පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.