උතුරේ ජනතාවගේ ඉල්ලීම් පිළිබඳව ජනපතිවරයාට දැනුම් දුන්නද විසඳුම් නොමැති බවත්, උතුරේ ජනතාවගේ ඉල්ලීම් දකුණේ සිංහල ජනතාවත් මධ්‍යම ආණ්ඩුවත් නිවැරදිව තේරුම්ගත යුතු බවත් උතුරු මහඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ, ඊයේ (27දා) උතුරු පළාත් සභා සැසි වාරයේදී වන අතර, ඊයේ ක්‍රියාත්මක වූ හර්තාලයට සහාය දීමක් වශයෙන් පළාත් සභා සැසි වාරයද පැවත්වුණේ විනාඩි 10ක කාලයක් පමණි.
එම කාලය අතරතුර පළමුවෙන් උතුරු සභාව ඇමතූ ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් පවසා සිටියේ, "තම හිතවතුන් හා ඥාතීන් මෙන්ම හමුදා ක්‍රියාකාරකම් හේතුවෙන් ඉඩම් අහිමිවූවන් තමයි මේ හර්තාලයට මුල්වෙලා ඉන්නේ. මම මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට ලිපියක් යොමුකළා. ඒ ගැන කතාකරන්න පුළුවන් එන්න කිව්වා ඇරෙන්න වෙන කිසිම පියවරක් ගත්තෙ නැහැ.
මම ඒ ගැන කනගාටු වෙනවා. රජයෙන් පිළිගත හැකි විසඳුමක් ලැබෙනතුරු දින 50කට වැඩියෙන් මේ ජනතාව සත්යග්රහයන්වල යෙදී බලා ඉන්නවා. දකුණේ සහෝදර සිංහල ජනතාවත් මධ්‍යම ආණ්ඩුවත් මේ ජනතාවගේ ඉල්ලීම් නිවැරදිව තේරුම්ගත යුතුයි. මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමුනොකිරීම කිසිසේත්ම යහපත් දෙයක් නෙමෙයි. අපේ ඉල්ලීම් සාධාරණයි” යනුවෙනි.