උතුරු මහඇමති හා මාවෙයි සේනාධිරාජා අතර හමුවක්
උතුරු මහඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා හා ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් ඊයේ (24දා) පැවැත්විණි.
උතුරු මහ ඇමතිට එරෙහිව විශ්වාසභංගයක් පසුගියදා ගෙන ආවේ ඉලංගෙයි අරුසු කච්චි පක්ෂය විසිනි. යාපනයේ මාටින් වීදියේ පිහිටි ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ කාර්යලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.
පසුගියදා උතුරු මහඇමති ප්‍රධාන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම සඳහා උතුරු පළාත් සභාවේ බහුතර බලය හිමි ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ මන්ත්‍රීවරු විශ්වාසභංගය අත්සන් කළහ.
ඒ සඳහා මාවෙයි සේනාධිරාජාගෙ උපදෙස්ද ලැබී තිබුණු අතර ප්‍රධාන අමාත්‍යවරයා සමග මාවෙයි සේනාධි රජා උරණ වී ඇති බවක්ද දැනගන්නට ලැබිණි. පසුව විශ්වාසභංග යෝජනාව ඉවත් කිරීමට විපක්ෂ නායක ආර්. සම්බන්ධන් විසින් උපදෙස් ලබාදී තිබුණේද මාවේයි සේනාධිරාජා මහතාටය.
කෙසේ වෙතත් ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂ කාර්යාලයට පැමිණි ප්‍රධාන අමාත්‍යවරයා හා මාවෙයි සේනාධිරාජා මහතා සමග දීර්ඝ සාකච්ඡාවක් පැවැති අතර ඉදිරියේදී උතුරු පළාත් සභාවේ කටයුතු හා දැනට තාවකාලිකව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් පවරා ගෙන ඇති අමාත්‍ය ධුර ලබාදෙන අය සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

