උතුරු කොරියාව විසින් අද දිනයේදී රොකට්ටුවක් දියත් කිරීම, දිගුදුර මිසයිල අත්හදා බැලීමක් ලෙසට බටහිරින් විරෝධයක් එල්ල වී තිබේ.
කෙසේ වෙතත්, උතුරු කොරියානු රජයේ මාධ්‍ය පවසා සිටියේ ඔවුන් මෙම රොකට්ටුව දියත් කිරීම හරහා සාර්ථක ලෙස චන්ද්‍රිකාවක් කක්ෂගත කළ බවය.
ජපානය, දකුණු කොරියාව, ඇමෙරිකාව මීට තදින්ම විරෝධය දක්වමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක්ද කැඳවීමට ඉල්ලා ඇති අතර, ඔවුන්ට අනුව මෙය බැලස්ටික් මිසයිල අත්හදා බැලීමකි.
එමෙන්ම, උතුරු කොරියාවේ මෙම ක්‍රියාවත් සමගම දකුණු කොරියාව විසින් මිසයිල ආරක්ෂක පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා ඇමෙරිකාව සමග සාකච්ඡා අරඹා ඇති බවද විදෙස් වාර්තා පවසයි.