මෙරට අත්අඩංගුවේ සිට නිදහස ලැබූ ඉන්දීය ධීවරයන් 102 දෙනෙකු කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දියානු වෙරළාරක්ෂක බළකායේ “දුර්ගාවතී” සහ “අමායා” යන නෞකාවන් වෙත භාර දීම නාවික හමුදාවේ සහාය ඇතිව සිදු කෙරිණි.
ශ්රී ලංකා නාවික හමුදාවේ රණවිජය නෞකාව සහ ශ්රී ලංකා වෙරළාරක්ෂක බළකායේ CG 46 යාත්රාව මෙම මෙහෙයුම සඳහා දායක විය.