ඉතාලියේ වෙරෝනා නුවර මහා පරිමාණ වෙළෙඳ සංකීර්ණයක සේවය කරන ශ්රී ලාංකික ශ්රමිකයන් පිරිසක් එම වෙළෙඳ සංකීර්ණයේ පාලනාධිකාරියේ අත්තනෝමතික තීරණවලට එරෙහිව වැඩ වර්ජනයක් හා උපවාසයක් අරම්භ කර ඇති බව ඉතාලි අරංචි මාර්ග පවසයි.
කාලයක සිට සේවක කප්පාදුව හා සේවකයන්ගේ දීමනා අඩු කිරීම සම්බන්ධයෙන් පාලනාධිකාරියට කරන ලද ඉල්ලීම් ඉටු නොකිරීම නිසා මෙම උපවාසය හා වැඩවර්ජනය අරම්භ කළ බව එම වැඩවර්ජනය මෙහෙය වන ලාංකික ශර්මිකයෙකු වන චන්න ප්රනාන්දු මහතා පවසයි.
මාසයක පමණ කාලයක සිට මෙම වැඩවර්ජනය ක්රියාත්මක වන බවත්, එම වෙළෙඳ සංකීර්ණයේ ලාංකිකශ්රමිකයන් බහුතරයක් සේවය කරන බවත් ඔවුන් සියලු දෙනා මෙම වැඩවර්ජනයට එක්ව සිටින බවත් චන්න මහතා පැවසීය.
වැඩ වර්ජනය හේතුවෙන් ඔවුන්ගේ භාණ්ඩ බෙදාහැරීමේ කටයුතු විශාල වශයෙන් බිඳ වැටී ඇති බවත්, තම ඉල්ලීම් ඉටුවන තුරු හෝ සාධාරණ විසඳුමක් ලබා දෙන තෙක් වැඩ වර්ජනය හා උපවාසය ක්රියාත්මක කරන බවත් ඔහු කියා සිටියේය.

චන්දන ප්රනාන්දු