ආපදා තත්ත්වය නිසා ඉත්තෑපාන දිසා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන් සිව් දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවන් මගින් කළුතර නාගොඩ රෝහලට ඒමට පියවර ගත්තේය.
මෙම පිරිස අතර ගැබිනි කාන්තාවක්, වයෝවෘද්ධ පුද්ගලයෙක්, ළමයෙකු සහ තරුණයෙකු සිටි අතර ප්‍රදේශයේ සියලු ප්‍රවේශ මාර්ග ජලයෙන් යටවීමත් සමග ගොඩබිම් ප්‍රවාහන සේවා සියල්ල ඇණහිටීම නිසා රෝගීන් ප්‍රවාහනයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක සහාය ලබාගැනීමට සිදුවිය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් ඉත්තෑපාන මහා විදුහලේ ක්‍රීඩා පිටියට ගෙන්වා ගෙන පොලිස් ජීප් රියකින් රෝහලේ සිටි රෝගීන් ගුවන් යානය වෙතට ගෙන ඒමට කටයුතු කල අතර එම අවස්ථාවට දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී එම්.එස්.ලියනගේ මහත්මිය සමග හෙද සහ උපස්ථායක කාර්ය මණ්ඩලයද එක්වී සිටියහ.
මතුගම බන්දු තඹවිට