ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට නව සභාපතිවරයෙක්
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස සම්පත් සුභසිංහ ආරච්චි මහතා ඊයේ (15 දා) සිට වැඩ භාරගෙන තිබේ.
බත්තරමුල්ල, කොස්වත්තේ පිහිටි කොමිෂන් සභා පරිශ්‍රයේ දී ඔහු මෙසේ වැඩි භාරගෙන ඇති අතර ඊට පෙර ඔහු ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරී අධ්යක්ෂ ලෙස කටයුතු කළේය.
ගාල්ල මහින්ද ව්ද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇති සම්පත් මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳව මූලික උපාධිය ලබා ඇති අතර කැලණිය විශ්වවිද්‍යාලයෙන් එම විෂය පිළිබඳව විද්‍යාපති උපාධිය ලබා ඇත. ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ බැංකුකරණය පිළිබඳව ඩිප්ලෝමාධාරියෙකු වන ඔහු ආර්ථික විද්‍යා විෂය සම්බන්ධ ලේඛකයෙකු ලෙසට ද කටයුතු කරයි.
එමෙන් ම කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකු ලෙසට කටයුතු කර ඇති සම්පත් සුභසිංහ ආරච්චි මහතා දීර්ඝ කාලයක් බැංකු ක්ෂේත්රයේ විධායක නිලධාරියෙකු ලෙස ට ද සේවය කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

