ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නව අධ්යක්ෂ ජෙනෙරාල්වරයා ලෙස කේ.යූ. චන්ද්‍රලාල් මහතා පත්කොට තිබේ. ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාවිසින් මෙම පත්කිරීම සිදුකරනු ලැබ ඇත.
චන්ද්‍රලාල් මහතාගාල්ල, හබරාදූව ලණුමෝදර විජය මහ විද්‍යාලයෙන් සහ රිච්මන්ඩ් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා තිබේ.ඉන් අනතුරුව කොළඹ විශ්වවිද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිය ලබා ඇති ඒ මහතා ජපානයේ අන්තර්ජාතික විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධියද ලබා ඇත.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළවන ශ්‍රේණියේ නිළධාරියකු වන චන්ද්‍රලාල් මහතා හිටපු දකුණු පළාත් සභාවේ පාලන කොමසාරිස් සහ දකුණු පළාත් ඉඩම් කොමසාරිස් ලෙස කටයුතු කර දීර්ඝ කාලයක් විෂය පිළිබඳ දැනුමක් ඇති අයෙකි.