ඉක්වදෝරයට පසුගියදා බලපෑ ප්‍රබල භූ කම්පනයට ගොදුරු වූ ප්‍රදේශයටම තවත් භූ කම්පනයක් ඇති වී තිබේ.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව රික්ටර් පරිමාණ 6 ක් ලෙස මෙම භූ කම්පනය සටහන් වී ඇත.
පසුගියදා ඇති වූ භූ කම්පනයෙන් පුද්ගලයන් 587 දෙනෙකුට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තවත් 4000ක පමණ පිරිසක් තුවාල ලැබූ භූ කම්පනයෙන් පීඩාවට පත් ජනතාව මෙම නවතම භූ කම්පනය සමග තවත් භීතියට පත්ව ඇති බව කියැවෙයි.
පොර්ටෝවියේජෝ නුවරින් වයඹදිග කිලෝමීටර් 100ක් දුරින් මුහුදේ ඇති වූ මෙම භූ කම්පනය කිලෝමීටර් 10ක් පමණ පොළොව අභ්‍යන්තරයේ හටගෙන ඇති බවද කියැවෙයි.
කෙසේ වෙතත්, මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් ප්‍රකාශයට පත්කර නැති අතර, ඉන් සිදුවූ හානි පිළිබඳවද මෙතෙක් වාර්තා වී නැත.