ඇඹිලිපිටිය හිටපු ASPට ඇප - සෝභිත හිමි හමුවෙයි
ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න මහතාට මහාධිකරණයෙන් නියම වූ ඇප කොන්දේසි කියවා දීමෙන් අනතුරුව ඔහු මුදාරින ලෙස ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්රාත් ප්රසන්න ප්රනාන්දු මහතා අද (03දා) නියම කළේය.
සැකකරුගේ විදෙස් ගමන් බලපත්රය අධිකරණය වෙත බාර දෙනු ලැබිණි. අධිකරණ භූමිය සහ අවට විශේෂ පොලිස් ආරක්ෂාව යොදා තිබුණි.
ඇප නියම වූ හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේ දී ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියෝ හමුවිය.
ඇඹිලිපිටියේ පැවැති සාදයක් අතර තුළ එම නිවසට පැමිණි සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු පිරිසක් එම නිවසේ සිටි එක්දරු පියෙකු ඝාතනය කළ බවට චෝදනා එල්ල වී තිබේ.
මේ අතර සිද්ධියෙන් මිය ගිය සුමිත් ප්රසන්නගේ බිරිඳ සිය දෙවැනි දරුවා බිහිකළ අතර සැමියා මිය යන විට ඇය ගැබිනියක වී සිටියාය.
අජිත්ලාල් ශාන්තඋදය සහ කොලොන්න ජේ නානායක්කාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.





