ඇඹිලිපිටිය ලංගම ඩිපෝවේ බස් රථ රියදුරෙකුට හා එහි කොන්දොස්තරවරයාට පහරදීමක් හේතුවෙන් එම ඩිපෝවේ වැඩ කරන සියලුම ලංගම බස් රථ අද (26දා) වර්ජනයක නිරතවේ.
පහරකෑමට ලක්වූ බව කියන රියදුරා මේවනවිට ඇඹිලිපිටිය මූලික රෝහලේ ප්රතිකාර ලබන බව ඇඹිලිපිටිය පොලීසිය සඳහන් කරයි.
මෙම පහරදීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ඇඹිලිපිටිය පොලීසිය පවසයි.
අජිත්ලාල් ශාන්තඋදය/කොලොන්නේ ජේ.නානායක්කාර